දම් පාටින් ලා - Dam patin la (Malani bulathsinhala)










ගී පද - ලූෂන් බුලත්සින්හල
සංගීතය - H.M. ජයවර්ධන 
ගායනය - මාලනී බුලත්සිංහල


දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මෙ මොහොතේ
ගොලුවී ඉන්නෙමි මං ...
ගොලුවී ඉන්නෙමි මං ...

සෙවනැලි නොමැකෙ නම්...
එලිය කලු නොවේ නම්
සෙවනැලි නොමැකෙ නම්...
එලිය කලු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු
සොයා මගේ් සෙනෙහස ඉල්ලා

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මෙ මොහොතේ
ගොලුවී ඉන්නෙමි මං ...
ගොලුවී ඉන්නෙමි මං ...

රැ කල දිගු වේ නම්...
ලා සඳ නොමැකේ නම්
රැ කල දිගු වේ නම්...
ලා සඳ නොමැකේ නම්
නෙලුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
ලමැද තලා යහනේ
ඉන්නම් පමා වෙලා හිරු නැගෙන තුරා

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මෙ මොහොතේ
ගොලුවී ඉන්නෙමි මං ...
ගොලුවී ඉන්නෙමි මං ...